Pages

Monday, October 7, 2013

නැගෙනහිරදී බැටකන සිහලුන්ට සවියක් වන්න පූජිත යළි නැගෙනහිරට

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස පූජිත ජයසුන්දර මහතා යළිත් පත්කර ඇත.

ඒ අනුව ජයසුන්දර මහතා අද (7 වැනිදා) එහි වැඩ භාර ගැනීමට නියමිතය.

අල්ලස්‌ ලබා ගැනීමේ සිද්ධියක්‌ මුල්කරගෙන මඩකලපුව කාන්තන්කුඩි පොලිසියේ නිලධාරීන් දණ ගැස්‌වූ බවට චෝදනා ලැබ සිටි ජයසුන්දර මහතා කොළඹ පොලිස්‌ මූලස්‌ථානයට මාරු කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වූ අතර එහිදී ජයසුන්දර මහතා නිර්දෝෂී බවට අනාවරණය වී ඇත. ඒ අනුව පොලිස්‌පතිවරයාගේ නියෝග මත හෙතෙම නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස යළිත් පත්කර ඇත. 

කාත්තන්කුඩි පොලිසියේ සියලුම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන්කර ගත්තද නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විසින් දණ ගැස්‌වීමක්‌ කළ බවට කිසිවකු හෝ ප්‍රකාශ කර නොමැත. 

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/10/07/news22.html

0 comments: