Pages

Saturday, October 5, 2013

උරුමය දවා හළු කළ පසු....!

උරුමය දවා හළු කළ පසු....!පොළොන්නරුව රාජධාණියේ පරාක්‍රමබාහු රජ දවස විසූ බව කියන සුගලා දේවියගේ දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවා හැර එහි ගල් ගුහාවක තිබූ ඇයගේ දේහය සහිත ගල් පෙට්ටිය කැලයට ගෙනගොස් පුළුස්සා දේහයේ තිබූ රන් ආභරණ කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. මහවැලි සී කලාපයේ මීවත්පුර ප්‍රදේශයේ ගල්කොරියක් පවත්වාගෙන ගිය පිරිසක් විසින් මෙම අපරාධය සිදුකර ඇතැයි වාර්තා වේ. ඔවුන් ගල් පෙට්ටියක තිබූ ඇයගේ දේහය කැලයට ගෙන ගොස් පුළුස්සා දමා ඇති බවට ලැබුණු තොරතුරු අනූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

සුගලා දේවියගේ දේහයේ රනින් කරන ලද ස්වර්ණාභරණ තිබූ බව පැවසෙන අතර, ඒවා කිසියම් පිරිසක් පැහැරගන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම සිද්ධිය මීට සති 2ක පමණ ඉහතදී සිදුව ඇතැයි පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. පොලීසියට මේ පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ද මීවත්පුර, සිරිපුර හා නුවරගල ප්‍රදේශවල පදිංචි ජනතාවගෙනි. මේ අතර මෙම ගල්‍ කොරිය සඳහා ලබාදී තිබූ බලපත්‍රය මීට සති 2ට ඉහතදී අලුත් කර ඇතැයි ද අප වාර්තාකරු පැවසීය.එම දේහය ආවරණය කර තිබූ ඉපැරණි ගඩොල් විශේෂයක් පොලීසිය පරික්ෂා කරන ආකාරය හා දේහය තිබූ බැව් පැවසෙන ස්ථානය පස් දමා ගොඩගසා ඇති අයුරුය මේ. 

ඡායා රූ - ගාමිණි ඔබේසේකර 
http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=2618

කතෲ සටහන -
මේ නම්, අහස පොළොව නුහුලන අපරාධයක්. අප සැමට පුදුම හිත්වේදනාවක් ඇතිඋනා. මහා උරුමයක්... බෙහෙත් ගල්වා සුරක්ෂිත කරන ලද මිනියක්... එසේ කල්පවත්නා පරිදි සංරක්ෂයට යෙදූ තාක්ෂණික ක්‍රම, ඖෂධ, ක්‍රමවේදය ආදිය ගැන වෙනම පර්යේෂණයක් කරන්න තිබුණා. ඉතිහාසයේ නව පරිච්ඡේදයක ඇරඹුම ඉතා අවාසනාවන්ත ලෙස වැනසී ගියා. අපිට තිබූ ඓතිහාසික, තාක්ෂණික, දැවැන්ත, වටිනා උරුමයක්, ගල්කොරිකාරයෙකුගේ මුග්ධ ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම වැනසී ගියා. උරුමය රකින්නට සිටිනා බලධරයන් මර නින්දේ. නැත්නම් පුරා විදු බිමක්, දෙයිද ගල් කඩන්නට???

සබැඳි ලිපි -
[

ගල්කොරිකාරයෙක්‌ නුවරගලදී හමුවූ සුගලා දේවියගේ මමියත් පුච්චලා!http://denethharinna.blogspot.com/2013/10/blog-post_8310.htmlසුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකතිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_4.html
]

6 comments:

Anonymous said...

Ethakota lokuma nidan hora..GOTABAYA PAL HORA ta moko wenne...?

Anonymous said...

uba dekkada Gotabaya nidan haranawa?

Anonymous said...

මහා කාලකන්නි..මුන් නම් හෙන ගහල පවුල් පිටින් මැරිලා යන්න ඕනේ..මුනුත් දැන් තමයි හොයන්නේ මේවා ..පොලිස් බල්ලෝ..අනිත් උන් තමයි පුරා විද්‍යා කාලකන්නි..මුන් දන්නේ නැද්ද මෙච්චර වටිනා,පුර විද්‍යා ඉඩම් ගල් කොරි වලට දෙන්න...මට කියන්න වචන නෑ..!!රටක ඉතිහාසයක් හොයල ගොඩ අරන් මතු පරම්පරාවත් දැකගන්න ලෝකයට කියන්න අසාවෙන් ,වැඩ කරන්න පුළුවන් මිනිස්සු ටිකක් නෑ නේ මේ සක්කිලි දෙපාරතමේන්තුවේ..!!!පුර විද්‍යා කොමසාරිස් ලා ඉල්ලා අස් වෙන්න ඕනේ..

Anonymous said...

obe kathawa niwaradhiy sabavinma me rate puravidhyawe sitenne palmahoru tikak

දෙනෙත් හරින්න ! said...

කතෲ සටහන -
මේ නම්, අහස පොළොව නුහුලන අපරාධයක්. අප සැමට පුදුම හිත්වේදනාවක් ඇතිඋනා. මහා උරුමයක්... බෙහෙත් ගල්වා සුරක්ෂිත කරන ලද මිනියක්... එසේ කල්පවත්නා පරිදි සංරක්ෂණයට යෙදූ තාක්ෂණික ක්‍රම, ඖෂධ, ක්‍රමවේදය ආදිය ගැන වෙනම පර්යේෂණයක් කරන්න තිබුණා. ඉතිහාසයේ නව පරිච්ඡේදයක ඇරඹුම ඉතා අවාසනාවන්ත ලෙස වැනසී ගියා. අපිට තිබූ ඓතිහාසික, තාක්ෂණික, දැවැන්ත, වටිනා උරුමයක්, ගල්කොරිකාරයෙකුගේ මුග්ධ ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම වැනසී ගියා. උරුමය රකින්නට සිටිනා බලධරයන් මර නින්දේ. නැත්නම් පුරා විදු බිමක්, දෙයිද ගල් කඩන්නට???

Anonymous said...

Me paahara raajapaksha aanduwa aapudaa indalama pura vidya boomi walatai nidan wasthu walatai apalai..mokada ara pura vidya chakra warthi kiyana gon wahanse thamai mekata mula..e gon wahanse kiyala thibuna aanduwa nidan haaranna one kiyala..ithin basilui naamalui..aanduwe innna emathi parayo tikai ekathu wela nidan kadanawa..ewa dekapu podi minissu ..maha ewun nidan kadanawa nam api keduwata mokada wenne kiyala unuth kadanawa..weredda me paahara aanduwe...emathi heththa...